ලොවපුරා මිලියන 68 කට වැඩි පිරිසක් අවතැන්වී ඇති බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා. යුද ගැටුම් , හිංසන සහ විවිධ බලපෑම් ඊට හේතුවී තිබෙනවා. දකුණු සුඩානය, මියන්මාරය, කොංගෝ රාජ්‍යය සහ සිරියාව වැනි රටවල වැඩි පිරිසක් අවතැන් වුණා. රටතුළ සහ වෙනත් රටවල තාවකාලිකව රැදී සිටි ජනතාවට සහන සැලසීමට ද ගැටලු මතුව ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දුන්නේ.