fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාව හා චීනය අතර වෙළෙඳ ගැටුම උත්සන්න වේ

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2018 12:16

ඇමෙරිකාව හා චීනය අතර වෙළෙඳ ගැටුම උත්සන්න වේ

ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ ගැටුම තවත් උත්සන්න වී තිබෙනවා. ඒ ඇමෙරිකා ජනාධිපතිවරයා නැවතත් චීනයට තීරු බදු පනවන බවට තර්ජනය කිරීමත් සමගයි. චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 10%ක තීරු බද්දක් පනවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 200ක් වටිනා චීන භාණ්ඩ සඳහා නව බදු පනවන බවටයි ඔහු තර්ජනය කර ඇත්තේ. ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් හිමි රටවල් දෙකක් ලෙසයි චීනය සහ ඇමෙරිකාව හඳුන්වන්නේ. ට්‍රම්ප් පවසන්නේ චීනය වෙළෙඳ අසමතුලිතය උපයෝගී කරගනිමින් අසාධාරණ ලෙස ප්‍රතිලාභ උපයන බවයි. ට්‍රම්ප්ගේ පරිපාලනය පසුගිය සිකුරාදා ඇමෙරිකානු ඩොලර් බිලියන 50ක වටිනාකමකින් යුත් චීන භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් අය කරන බව පැවසුවා. එම බදුවලට ප්‍රතිචාර වශයෙන් චීනය ඇමෙරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන, වාහන සහ නාවික නිෂ්පාදන භාණ්ඩ 659කට බිලියන 50ක වටිනාකමකින් යුතු භණ්ඩවල තීරු බද්දක් පනවන බව පැවසුවා. චීනය පවසන්නේ ඇමෙරිකාව මෙලෙස බදු පනවමින් බියගන්වන බවයි.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2018 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්