නීතියෙන් දඬුවම් ලැබූ චීවරධාරීන් 15ක් බන්ධනාගාරවල
Related Articles
මිනී මැරුම් හා විවිධ අපරාධවලට වැරදිකරුවන්ව දඬුවම් ලැබූ චීවරධාරීන් 15 දෙනකු මේ වනවිට බන්ධනාගාර කිහිපයක සිරගත කර සිටින බව බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශන කාර්යාල සදහන් කරනවා. එකී සියලු දෙනා සෙසු සැකකරුවන් මෙන් සිර අැඳුම අැද සිටින බවයි එම කාර්යාලය සදහන් කරන්නේ.
මෙම චීවරධාරී පිරිස මාස 06 සිට වසර 07 දක්වා කාල පරාසයකට සිර දඬුවම් ලැබූවන් වේ. වැලිකඩ බන්ධනාගාරයේ පමණක් එසේ දඩුවම් ලැබූ චීවරධාරීන් 08ක් සිටිනවා. මෙසේ බන්ධනාගාර ගතවන චීවරධාරී සිරකරුවන් කිසිවෙකුටත් කිසිදු විශේෂත්වයක් නොදක්වන බවත්, එම පිරිස ද බන්ධනාගාර නීතිවලට යටත්ව කටයුතු කරන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කරනවා.