ප්රවීණ සංගීතවේදී අභාවප්රාප්ත අයිවෝ ඩෙනිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සීදුව රෝමානු කතෝලික සුසාන භූමියේදී හෙට (20) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
ප්රවීණ සංගිතවේදි අයිවෝ ඩෙනිස් මහතාගේ දේහය සීදුව කොළඹ පාරේ අංක 562 දරණ නිවසෙහි තැම්පත් කර තිබෙනවා. කලක් රෝගාතුරව සිටි අයිවෝ ඩෙනිස් මහතා ඊයේ (18) පස්වරුවේ අභාවප්රාප්ත වුණා. මිය යන විට ඒ මහතා 86 වන වියේ පසු වුණා. සුනිල් ශාන්තයන්ගේ ඇසුර ලබමින් සංගීත ක්ෂේත්රයට පිවිසි අයිවෝ ඩෙනිස් ඔහු සමග ගායනයෙන් නව නිර්මාණ රැසකට ද දායකත්වය ලබාදී තිබෙනවා. පසු කාලයකදී සුනිල් ශාන්තයන්ගේ බොහෝ ගීත ගායනා කෙරුණේ ද අයිවෝ ඩෙනිස්ගේ හඬින්. අයිවෝ ඩෙනිස්ගේ ස්වතන්ත්ර නිර්මාණ ගණනාවක් ද රසිකයින් අතර ජනප්රිය වුණා. ඔහු දායක වූ උදුම්බරා හිනැහෙනවා ගීතය ඒ අතර ප්රමුඛත්වය ගන්නවා.