අධික වර්ෂාවත් සමඟ පවතින ජල ගැලීම්වලින් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නායයාම් හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු මියගොස් තිබෙනවා. නිවාස රැසක් විනාශ වුණා. දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින බවයි මියන්මාර වාර්තා සදහන් කළේ. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා කණ්ඩායම් කිහිපයක් යෙදවීමට බලධාරින් පියවර ගත්තා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන බවයි මියන්මාර රජය පවසන්නේ.

අධික වර්ෂාවෙන් මියන්මාරයට දැඩි බලපෑම්
කියවීමට මිනිත්තු 0