fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘GRINGO’ ඔස්සේ සිනමාවට එන ජැක්සන්ගේ දියණිය

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 18:54

‘GRINGO’ ඔස්සේ සිනමාවට එන ජැක්සන්ගේ දියණිය

අමෙරිකානු සිනමා අධ්‍යක්ෂවරයකු වන නෑෂ් එජර්ටන් ගේ නවතම සිනමා නිර්මාණය වන ‘GRINGO’ (ග්‍රින්ගෝ) සිනමාපටය මේ දිනවල සාර්ථකව තිරගත වනවා. ත්‍රාසය, භීතිය, කුතුහලය, ප්‍රේමය සහ  සටන් ජවනිකා රැසක් මෙම චිත්‍රපටයට ඇතුලත්.කොල්ලකරුවන් පිරිසකගේ ක්‍රියා කලාප ජාලයක් වටායි  මෙම සිනමා පටය විහිදී යන්නේ. මේ වන විට බොහෝ දෙනකුගේ කතා බහට ලක් වී  තිබෙන මෙම සිනමා පටයට  මයිකල් ජැක්සන්ගේ දියණිය වන පැරිස් ජැක්සන් ද  රංගනයෙන් දායකත්වය ලබා දෙයි.

පැරිස් රංගනයෙන් දායක වන ප්‍රථම සිනමාපටය වන්නේ ‘GRINGO’ යි. මයිකල් ජැක්සන්ගේ දියණිය නිසාම ඇය තම චිත්‍රපටයට එක් කර ගත් නමුත් පසුව  පැරිස්ගේ දක්ෂතා පිළිබඳ වැඩි පැහැදීමක් ඇති  වූ බවයි එහි අධ්‍යක්ෂවරයා පවසන්නේ.

සිනමාවකට සරිලන රූ සපුවකින් යුතු පැරිස් තවමත් පසුවන්නේ 20වැනි වයසේය. නොයෙක් පීඩා හැළ හැප්පීම්වලට ලක්වුණු පැරිස්ගේ ජීවිතය සිනමාවට පිවිසීමත් සමඟ යම් වෙනසකට ලක් වෙනු ඇතැයි පැරිස් ජැක්සන්ගේ රසික  රසිකාවියන්ගේ බලාපොරොත්තුවයි.එමෙන්ම ඇය සිනමාව හරහා දිගු ගමනක් යනු ඇතැයි ද සිනමා විචාරකයන් පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 18:54

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්