මතු පරපුරට ශක්ති සම්පන්න දේශයක් නිර්මාණය කිරීම සඳහා හරිත ශ්‍රී ලංකා ගමනට සියලු දෙනා සහාය ලබා දිය යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදා ගම්මාන දෙදහස් පන්සියයේ වැඩපිළිවෙළ හරිත ගම්මාන සංකල්පය මත ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
තිස්සමහාරාම, වීරවිලවත්ත ප්‍රදේශයේ සිහරදගම ආදර්ශ ගම්මානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිකෙරෙන 781 වන ගම්මානය මෙයයි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
[ot-video type=”youtube” url=”https://youtu.be/d60b_edmvrw”]