ශ්‍රී ලංකාව ලොව හොඳම සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වන රටක් ලෙස ලෝක සංවිධාන ද හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති සුව සේවා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 570ක් සඳහා පත්වීම් ලිපි ප්රදානය කෙරුණා. කිසිදු රෝහලක අද වන විට ඖෂධ හිඟයක් නොමැති බව ද ඒ මහතා පෙන්වා දුන්නා. අක්ෂි කාච නොමිලේ ලබා දීම, අත්‍යවශ්‍ය ඖෂධ මිල පහත දැමීම, පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීමේ දී පැවති සීමා ඉවත් කිරීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් යහපාලන රජය යටතේ ක්‍රියාත්මක කෙරුණු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
අමාත්‍ය රාජිත සේනාරත්න,
[ot-video type=”youtube” url=”https://youtu.be/KvPqS8-Jgg8″]