ඉන්දියාවේ පාතාල කල්ලි ගැටුමකින් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ඉන්දියාවේ දිල්ලි අගනුවර මහා මාර්ගයකයි වෙඩි තැබිම සිදුව ඇත්තේ. සිද්ධියෙන් තවත් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්.
බුරාරි නම් ප්රදේශයක සතිපොළක් අසළ මෙම වෙඩි ප්රහාරය එල්ල වී තිබෙනවා. ඒ අවස්ථාවේදී එම ස්ථානයේ විශාල පිරිසක් ගැවසෙමින් සිටි බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. පාතාල කල්ලි දෙකම කප්පම් ලබාගැනීම සහ මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්ව සිටිනවා.