ප්රවීන සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතා අභාවප්රාප්ත වුණා. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 86 ක්. දේහය තැන්පත් කර තිබෙන්නේ සීදූව නිවසේ. අවසන් කටයුතු සීදූව රෝමානු කතෝලික සුසාන භූමියේ දී අනිද්දා (20) සිදු කරන බවයි පවුලේ ඥාතීන් සදහන් කළේ. 1952 වසරේ දී ආධුනික පැය වැඩසටහනට එක්වෙමින් ඔහු ගුවන් විදුලියට සම්බන්ධ වුණා. ඒ ”වරෙන් හීන්සැරේ” ගීතය ගායනා කරමින්. චිත්රපට රැසක පසුබිම් ගීත ගායනයට ද අයිවෝ ඩෙනිස් මහතා එක්වුණා. ඔහුගේ පළමු පසුබිම් ගායනය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්රපටයෙන් ඉදිරිපත් කර තිබෙනවා. 1985 වසරේ දි ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවේ හිමකතර චිත්රපටයේ පසුබිම් ගායනය වෙනුවෙන්.

ප්රවීන සංගීතවේදී අයිවෝ ඩෙනිස් අභාවප්රාප්ත වෙයි
කියවීමට මිනිත්තු 1