ධාරාණිපාත වර්ෂාව සමග ඇති වූ තද සුළං තත්ත්වය හේතුවෙන් අම්පාර ප්‍රදේශයේ නිවාස 136 කට හානි සිදුව තිබෙනවා.ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් එම මාර්ගවල ගමනාගමන කටයුතු ද අඩාල වුණා.
විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් ගම්මාන කිහිපයක විදුලිය ඇණහිට ඇති බව ද වාර්තා වනවා. ආපදා කළමනාකරණ නිලධාරීන් මෙම තත්ත්වය පිළිබද තොරතුරු රැස් කරමින් සිටින අතර හානි සදහා වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන බවයි අම්පාර දිස්ත්‍රික් ලේකම් තුසිත පී වනිගසිංහ මහතා පවසන්නේ. මේ වන විට පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ මැදිහත්වීමෙන් සුළගින් හානියට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කරමින් තිබෙනවා.
ප්‍රදීප් කොඩිප්පිලි-නියෝජ්‍ය අධ්යක්ෂ-ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=T1d1Ebune3I&feature=youtu.be”]