ජීවිතේ නරකම කාලවල අපේ ජීවිතවලට එන බාධක නිසා අපි මානසිකව ගොඩක් පහළට වැටෙනවා.එක කරදරයක් ඉවර වුණාම තව කරදරයක් අපිව හොයාගෙන එනවා. මට නම් ජීවිතේ එපා වෙලා, මොනවා කළත් වරදිනවා, හරිගිය දවසක් නැහැ, හැමදාමත් කට්ට තමා. මේ වගේ දේවල් ඔයාට කොච්ච්ච්ර හිතෙනවද? නැත්තම් ඔයා එහෙම කොච්චර කියනවද කියල ඇහුවොත් එකට උත්තර දෙන්න ඔයාට බැහැ කියල දන්නවා. කොහොම වුණත් ඔයා ජීවිතේ ගැන පසුතැවිලා කළකිරිලා ඉන්නවා නම් මේ කියන දේ ඔයාටත් පොදු වෙන්න පුළුවන්.
සමහර වෙලාවට අපට විනෝද වෙන්න සතුටු වෙන්න පුංචි කාලයක්වත් නැතිවෙන තරමට ගොඩක් වැඩ තියනවා. ඒත් ඒ වැඩ ඔක්කොම කළත් හිතට සැනසුමක් නැහැ. ඒ අතරතුර හැමදෙයක්ම දාලා යන්න හිතුණ අවස්ථාත් ඇති. ඒ වගේම කොහොම වැඩ කළත් චෝදනාවට ලක්වනවා නම් එක අපේ ඔළුවට කළුගලක් අතහරිනවා වගේ මාර වේදනාවක්. කොච්චර කළත් මදි හිතෙනවා නේද වෙලාවකට.
අපි ඉස්කෝලෙට ගියත්, කැම්පස් ගියත්, රස්සාවට ගියත් මේ කියන තත්ත්වේ මේ විදිහම තමයි.තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න කියලා අපි යන ගමනේ කොච්චර නම් දේවල් අහන්න, දකින්න, විදින්න ලැබෙනවද? එක එක මිනිසුන්ගේ නොයෙක් විජ්ජා, විවිධ ක්රියාකලාප නිර්වචනය කරන්න අපට අමාරුයි. මිනිස්සු හරියට පාට මාරු කරන කටුස්සෝ වගේ. වේලාවෙන් වෙලාවට පෙන්නන magicවලට රැවටෙන්න එපා. ඒ වගේම මිනිසුන්ගේ හැටි අපට තේරෙන්නේ අපි ඒ අයත් එක්ක වැඩකරද්දී තමයි. ඒ වෙලාවට එක එක මිනිසුන්ගේ එක එක ස්වභාවය අනුව අපේ හිත් රිද්දවන්න පුළුවන්. අපේ ගමනට බාධා වෙන ඕනම දෙයක් ඒ අය කරන්නත් පුළුවන් .
ඒ හින්ද හිතට දැනෙන්නේ ලොකු වේදනාවක්. එත් දන්නවද හිත රිද්දෙන්න රිද්දෙන්න තමයි අපි තවත් ශක්තිමත් වෙන්න ඕන. තමන්ගේ ගමනට කරන බාධා වැඩි වෙන තරමටම ඒ අභියෝග මැද්දේ අපේ ඉලක්කයට යන්න තරම් ශක්තිමත් වෙනවා.ඉවසීම කියන්නේ කට්ට කන එක හොඳටම කරන්න පුළුවන් ක්රමයක්. එක ටිකක් අමාරුයි. හැබැයි ඉවසීමෙන් කට්ට කලා අපේ අරමුණට ගිය දවසට අපි කට්ට කන විදිහ බල බලා හිනාවුණ අයට ඇඩෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ.
අපි අපේ හිත ශක්තිමත් කරගන්න ඕන. මොකද ප්රශ්නයක් වුණ වෙලාවට අපි ලඟ ඉන්නේ අපේ හිත විතරයි. ඒ හින්දා කට්ට කනවා කියන එකට හිත හොඳට හුරු කරන්න. ඔයාව වට්ටන්න හදන මිනිස්සුන්ට දෙන්න තියන හොඳම දඬුවම තමයි කට්ට කාගෙන කොහොමහරි ඉස්සරහට යන එක.මතක තියාගන්න රත්න ශ්රී විජේසිංහයන්ගේ වස්සානය කවි පන්තියේ මේ කොටස,
කටු පොකුරු සිප ගනිමි
හෙට මලක් වනු පිණිස….
අන්තිමට හිතට ගන්න.. හුරුවෙන්න කට්ට කන්න.. ඒක ඇත්තටම පට්ට.
-ශානිකා රත්නායක-