උලන්බටාර් කුසලාන ජාත්‍යන්තර බොක්සිං තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු එක් කිරීමට ජාතික බොක්සිං සම්මේලනය තීරණය කර තිබෙනවා.
මෙවර ආසියා ක්‍රිඩා උලෙළට සුදුසුකම් ලබා සිටින බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෙර පුහුණු තරඟාවලියක් ලෙසයි මෙය පැවැත්වෙන්නේ. ඊට කසකස්ථානය, දකුණු කොරියාව, තායිලන්තය, චීනය හා සත්කාරක මොන්ගෝලියා කණ්ඩායම එක්වීමට නියමිතයි. බර පංති 7 ක් යටතේ ක්‍රීඩකයින් තරග බිමට පිවිසෙන අතර ක්‍රීඩිකාවන් තරග වදින්නේ බර පංති 5 ක් යටතේයි. තිවංක රණසිංහ, ඉසාන් බණ්ඩාර, දිනුදු සපරමාදු යන ක්‍රීඩකයින් තරගාවලියට එක්ව සිටිනවා. අනූෂා කොඩිතුවක්කු, ක්රිෂ්නි හංසිකා හා ක්රිෂ්මි ධර්මතිලක මෙරට ක්‍රීඩිකාවන් ලෙස එක්වනවා.