දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා. ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂා කර ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී යහපත් පරිසරයක් ගොඩනැගීම සමුළුවේ අරමුණයි.
දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී අද පෙරවරුවේ ආරම්භ වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ජනාධිපති කාර්යාලයේ ප්රමුඛ ව්‍යාපෘතියක් ලෙස දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ක්‍රියාත්මකයි. අපයෝජනය අපහරණය වැළැක්වීම , ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම , සෞඛ්‍ය පෝෂණය හා සුබසාධනය , පෞරුෂ සංවර්ධනය , අධ්‍යාපනය හා ජීවන කුසලතා නැංවීම යන පස් වැදෑරුම් අංශ ඔස්සේ දරුවන් සුරකිමු වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙනවා. මේ යටතේ සෞඛ්‍ය , අධ්‍යාපන , මනෝ උපදේශන හා නීති උපදේශන ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දරුවන් බල ගැන්වීම සිදු කෙරෙනවා.