සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ 3 වන දිනය අවසන් වන විට ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 34 ක් ලබා සිටියා. ශ්රී ලංකා කණ්ඩායම මුල් ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ සියලු දෙනා දැවී ලකුණු 253 ක් පමණයි. විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 119 ක් රැස්කර ගත්තා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මුල් ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 300 ක් රැස්කර ගත්තා. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම තවමත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 13 ක් පිටුපසිනුයි සිටින්නේ.