2014 වසරේදී ආගමික අන්තවාදීන්ගේ ප්‍රහාර නිසා පීඩාවට පත් බේරුවල , අලුත්ගම ප්‍රදේශවල මුස්ලිම් ජනතාවගේ ගෘහ හා අනෙකුත් උපකරණවලට සිදු වූ හානි පූර්ණය වෙනුවෙන් තවත් රුපියල් මිලියන 185 ක මුදලක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී දියත් කර තිබූ ජාතිවාදී / ආගම්වාදී ප්‍රහාර නිසා වත්මන් ආණ්ඩුවට තවමත් ඒ වෙනුවෙන් වන්දි මුදල් ප්රදානය කිරීමටයි සිදුව ඇත්තේ. මේ සියල්ල සිදු කරන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදලින්. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ගැටුම් සම්බන්ධයෙන් මීට වඩා සාධාරණ යමක් කළ හැකිව තිබූ බවට කරන ප්‍රකාශය ගැන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකාර් ජමීල් මහතා මෙසේ අදහස් දැක්වූවා.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකාර් ජමීල්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=qMs3owUD2l4&feature=youtu.be”]
මේ අතර පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ ඇතැම් සිදුවීම් ගැන අද රාජපක්ෂ පවුලේ සහෝදරයින්ම එකිනෙකට වෙනස් මත දරමින් එකිනෙකාට චෝදනා කර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=CynskZcVzjg&feature=youtu.be”]