ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම සහ ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගත් ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව හෙට (18) පෙ.ව 10.00ට කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
දරු පරපුර සුරක්ෂිත කොට ඔවුන්ට සමාජයේ ආරක්ෂාකාරීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ජනාධිපති කාර්යාලයේ ප්රමුඛ ව්‍යාපෘතියක් ලෙස ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.සමාජය තුළ දැනට පැතිර පවතින විවිධ ව්‍යසනයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කර ගැනීම ප්රමුඛ අවශ්‍යතාවක් ලෙස හදුනාගෙන අපයෝජනය අපහරණය වැළැක්වීම, ආරක්ෂාව තහවුරු කිරීම සෞඛ්‍ය පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය අධ්‍යාපන හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇත.
මේ යටතේ සෞඛ්‍ය, අධ්‍යාපන, මනෝ උපදේශන සහ නීති උපදේශන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දරුවන් බලගැන්වීම සිදුකෙරෙයි. දරුවන් සුරකිමු ජාතික වැඩසටහන යටතේ ,අනාගතය දිනන දරුවෝ, පෞරුෂ සංවර්ධන වැඩසටහන ද ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කරයි.
දරුවන් සුරකිමු ජාතික වැඩසටහන යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති රැසක් හෙට දින ආරම්භ කෙරේ.එමෙන්ම කිලිනොච්චි කනගපුරම් විද්‍යාලය වෙනුවෙන් ඉදිකළ නව ක්‍රීඩාංගනය සිසු අයිතියට පැවරීම, උතුරු පළාතේ ළමා නිවාස හා රැඳවුම් නිවාසවල රැකවරණය ලබන දරුවන්ට වඩා යහපත් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා තෝරාගත් ළමා නිවාස හා රැඳවුම් නිවාසවල නවීකරණය හා ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීම, ආබාධ සහිත දරුවන් අධ්‍යාපනය ලබන උතුරු පළාතේ පාසල් 25 ක, ප්‍රවේශ මාර්ග හා අනෙකුත් පහසුකම් සංවර්ධනයට අදාළ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම, වකුගඩු රෝග අවදානමෙන් දරුවන් මුදා ගැනීම සඳහා පිරිසිදු පානීය ජල පසුකම් නොමැති පවුල් 1,000කට ගෘහස්ථ ජල පෙරණ ලබාදීම, පූර්ව ළමා විය සංවර්ධනය සඳහා තෝරාගත් පෙර පාසල්වලට පොත් කට්ටල, ලීබඩු සහ ක්‍රීඩා උපකරණ ලබාදීම, අනාරක්ෂිතව දිවි ගෙවන දරුවන් සහිත පවුල් සඳහා මූල්‍ය ආධාර සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් හෙට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවෙයි.
එමෙන්ම මනෝ උපදේශනය, නීති උපදේශනය හා පැමිණිලි භාරගැනීම සඳහා ජංගම සේවාවක් ද මෙම උත්සව භූමියේදී ක්රියාත්මන කෙරේ.