fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොඳම සෞඛ්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2018 11:55

හොඳම සෞඛ්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ

ලෝකයේ දුප්පතුන්ට හිතවාදී හොඳම සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඇත්තේ ශ්‍රී ලංකාවේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න,

අමාත්‍යවරයා මෙම කරුණු සදහන් කළේ හම්බන්තොට රෝහලේ  නව වකුගඩු ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට  එක්වෙමින්.  නව වකුගඩු ඒකකය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 219 ක්.  මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණින් නව වකුගඩු ඒකකය  ස්ථාපිත කෙරුණා. මෙම අවස්ථාව අමාත්‍ය සජිත් ප්‍රේමදාස  ,රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි ඇතුළු මහජන නියෝජිතයන්  රැසක් මෙම අවස්ථාට සහභාගී වී සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2018 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්