ඉතාලිය හා මෝල්ටා රාජ්‍යයන් නැවත හරවා එවූ සංක්‍රමණිකයින් 630 දෙනෙක් තම රටට භාර ගැනීමට ස්පාඤ්ඤය කැමැත්ත පල කර තිබෙනවා. මධ්‍යධරණී මුහුදේදි බේරාගෙන නැවත හරවා එවනු ලැබූ සංක්‍රමණිකයින් මෙසේ භාර ගැනීමටයි ස්පාඤ්ඤය කටයුතු කරන්නේ.
මෙම පිරිසට අවශ්‍ය පහසුකම් සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට මෙන්ම ඔවුන්ගේ රැකවරණය පිලිබඳ සොයා බලා කටයුතු කිරීමටද ස්පාඤ්ඤ රජය සිය එකඟත්වය පල කළා. මෙම පිරිස ස්පාඤ්ඤයේ වෙලෙන්සියාහි කදවුරු වෙත පිටත් කිරීමට නියමිතයි. පසුගියදා බේරාගත් එම සංක්‍රමණික පිරිස අතර කුඩා ළමයින් සහ ගැබිනි මව්වරුන් සිටින බව සදහන්.