කිරිවෙහෙර විහාරාධිපති ස්වාමින් වහන්සේට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොටිඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සමත් වුණා.
පසුගිය දොළොස්වනදා රාත්‍රීයේ සිදු කළ මෙම වෙඩි තැබීමෙන් කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ සහ තවත් ස්වාමින් වහන්සේ නමක තුවාල ලැබුවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කෙරුණු අතර ඊයේ රාත්‍රියේ පැපිලියාන ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන අසේල ලක්මාල් බණ්ඩාර නමැත්තා සහ වෙඩි තැබීමට පැමිණි බවට සැකකෙරෙන විසි හතර හැවැරිදි නිවුන් සහෝදරයින් දෙදෙනෙකු ද ඒ අනුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කලේ.