ගාල්ල නගරයේ මාර්ග රැසක රථවාහන ධාවනය එක් දිශාවකට පමණක් සීමා කිරීමේ තීරණයට විරෝධය පළකරමින් ව්‍යාපාරිකයින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. ගාල්ල නගරයේ පැවති විරෝධතාවට එක් වූ ව්‍යාපාරිකයින් කියා සිටියේ ගාල්ල නගරාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළට තමන් දැඩි සේ විරෝධය පළ කරන බවයි. මෙම තීරණය වහා වෙනස් කර වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට ඉඩ ලබාදිය යුතු බව විරෝධතාකරුවන් අවධාරණය කළා. නව නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ නගරයේ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බවයි මෙම පිරිස වැඩිදුරටත් කියා සිටියේ.
උද්ඝෝෂකයින්,
[ot-video type=”youtube” url=”https://youtu.be/puwWKBbdF7A”]
මෙම චෝදනාව පිළිබද ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතාගෙන් අප විමසීමක් කළා.
ප්‍රියන්ත සහබන්ධු – ගාල්ල නගරාධිපති,
[ot-video type=”youtube” url=”https://youtu.be/ofOiqymnI5Q”]