fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙළෙදුන්ට හා යාචකයන්ට ජුලි 01 සිට දුම්රිය තහනම්

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 17:29

වෙළෙදුන්ට හා යාචකයන්ට ජුලි 01 සිට දුම්රිය තහනම්

ජුලි මස පළමුවැනිදා සිට දුම්රිය පරිශ්‍ර,  දුම්රිය ස්ථාන සහ දුම්රිය මැදිරි තුළ සිඟමන් යැදීම සම්පුර්ණයෙන්ම තහනම් කරන බව දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා පවසනවා. දුම්රිය මැදිරි තුළ සිදුකරන  වෙළෙදාම් කටයුතු ද එදින සිට තහනම් කරන බවයි සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ. දුම්රිය අාඥා පනත යටතේ දුම්රිය මැදිරි තුළ  සිඟමන් යැදීම සිදුකළ නොහැකි අතර එම පනත නැවත බලාත්මක කිරිමයි එළඹෙන පළමුවැනිදා සිට සිදුවීමට නියමිතව ඇත්තේ.

දුම්රිය මැදිරිවල සිඟමන් යදින්නන්ගේ විවිධ ජුගුප්සාජනක ක්‍රියාකාරකම්,  අපිරිසිදුබව හා විවිධ අසාදන තත්ත්ව පැවතීම දුම්රිය මගීන්ගේ අප්‍රසාදයට හේතු වී තිබෙනවා. එමෙන්ම මෙම යාචකයන් ගැවසීම  මගින් ගැට කපන්නන්න්ට අත්උදව් සැලසීම්ද  සිදුවී ඇති බවට ද තොරතුරු හෙළිවී තිබෙන බවටයි විජය සමරසිංහ මහතා  කියා සිටියේ.

එමෙන්ම විවිධ වෙළෙදාම් හා ආහාරපාන අලෙවියේ පවතින ප්‍රමිතිය පිළිබද ගැටලු සහ එමගින් මගීන්ට සිදුවන අපහසුතා ද සලක‍ා බලා දුම්රිය මැදිරි තුළ අාහාර අලෙවිය ද පළමුවැනිදා සිට තහනම් කිරීමට යි කටයුතු සුදානම් කර ඇත්තේ. ඊට සමගාමිව දුම්රිය භෝජනාගාරයේ නිසි ප්‍රමිතියෙන් යුතුව මගීන්ට ප්‍රමාණවත්  තරම්  අාහාර එක් කිරීමටත් කටයුතු  කරන බවයි සමරසිංහ මහතා ITN වෙත  වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 17:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්