කුඹුක් දැව තොගයක් සමඟ 03දෙනෙකු අත්අඩංගුවට
Related Articles
යාන් ඔය රක්ෂිතයෙන් නීති විරෝධීව කැපූ කුඹුක් දැව තොගයක් සමඟ සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කහටගස්දිගිලිය පොලීසිය සමත්වුණා. යාන් ඔය රක්ෂිතයෙන් කැපූ කුඹුක් දැව ඉරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලීසියට ලැබුණ තොරතුරකට අනුවයි. ඉරන ලද දැව කදන් 191 ක් එහිදී සොයා ගැණුනා. ඒ සදහා යොදාගත් අත් ට්රැක්ටරයක්ද, තවත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කලක සිට මෙම පිරිස නීති විරෝධි දැව ජාවාරමේ යෙදී සිටි බව පරීක්ෂණවලදී හෙළි වූ බවයි වැටලීම සිදුකළ පොලිස් නිලධාරින් සදහන් කළේ.