මෙරට ප්‍රථම ආයුර්වේද කෞතුකාගාරය දඹාන ප්‍රදේශයේ ඉදි කෙරෙනවා. මෙම කෞතුකාගාරය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කමිටු සාමාජික වෛද්‍ය එච් එම් විතානාච්චි මහතාගේ ධන පරිත්‍යාගයෙනුයි ඉදි කෙරෙන්නේ. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 150 ක්. මහියංගණ දඹාන ආදිවාසී ගම්මානයට පිවිසෙන මාර්ගයට මුහුණ ලා මෙම කෞතුකාගාරය ඉදි කරමින් පවතිනවා. ඖෂධීය පැලෑටි දහස් ගණනක තොරතුරු භාෂා කිහිපයකින් දැන ගැනීමට මේ ඔස්සේ අවස්ථාව උදා වනවා.
වෛද්‍ය එච් එම් විතානාරච්චි – පර්යේෂණ කමිටු සාමාජික – ආයුර්වේද දෙපාර්තමේන්තුව
පැලෑටි , රෝග, රෝගවලින් ආරක්ෂාවීම හා ඒ සදහා ප්‍රතිකාර ආදි තේමා යටතේ කෞතුකාගාරයේ කුටි සකස් කර තිබෙනවා. පූර්ව කර්ම හා පංච කර්ම පිළිබද දැනුමක් ද මෙමගින් ලබා ගත හැකියි. මෙම ආයුර්වේද කෞතුකාගාරය අද දිනයේ විවෘත කරන බවට සහ ඊට ආදාළ තවත් තොරතුරු කිහිපයක් ඊයේ ප්රවෘත්ති විකාශයෙන් වැරදි ලෙස ප්‍රචාරය වු අතර ඒ පිලිබද අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා.