සිංහරාජ රක්ෂිතයේ අලි දෙදෙනාගෙන් තර්ජන එල්ල වන ගම්මාන වලට විශේෂ ආරක්ෂාවක් සැපයිමේ වැඩපිලිවෙලක් ක්රියාත්මක කර තිබෙනවා. රජවත්ත, රඹුක , ගල්කන්දවත්ත, මානික්කවත්ත, කෝපිකෑල්ල යන ගම්මානයි අලි තර්ජනයට ලක්ව ඇත්තේ. වනජිවි නිලධාරින් 25 දෙනෙකු මෙම ප්රදේශවල ආරක්ෂාවට යෙදවිමට නියමිතයි.
ඌව සහ දකුණු කලාපවල වනජීවි කාර්යාලවලට අයත් නිලධාරින් මෙලෙස අනුයුක්ත කෙරෙනු ඇති. අලි දෙදෙනා ගල්කන්දවත්ත සහ මානික්කවත්ත ප්රදේශවල මේ වනවිට සැරිසරමින් සිටින බවයි වාර්තා වන්නේ. මෙම අලි දෙදෙනා සිටින ඉසව්වට ජනතාව නොයා යුතු බව වනජීවි නිළධාරින් සදහන් කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_cQT3DQAdvs”]