රාමසාන් උපවාසය ආරම්භ කරමින් ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරනවා. ඊයේ නව සඳ නිරික්ෂණයවීමත් සමඟ උපවාස සමය අවසන් වූ බවයි කොළඹ මහ පල්ලිය සදහන් කළේ. යාඥාවල නිරතවීමෙන් අනතුරුව ඉස්ලාම් බැතිමතුන් ඥාතීන් සමග එක්ව ආහාරපාන බෙදාහදාගනිමින් රාමසාන් සැමරීමයි සිදුවන්නේ. මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය හා යහපත ගොඩනැගෙන්නේ මනුෂ්‍යත්වය පිලිබද යහපත් සිතුවිලි ශක්තිමත් වන පරිසරයකදී බව රාමසාන් වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළා. සමස්ත ලෝකයට උතුම් පණිවිඩයක් ලබාදීමට හැකියාව ලැබී ඇති බවත්, ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. රාමසාන් වෙනුවෙන් පණිවිඩයක් නිකුත්කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකළේ රාමසාන් දිනය සමානාත්මතාවයේ මාහැගි පණිවිඩය ලොවට ගෙනඑන වැදගත් ආගමික උත්සවයක් බවයි. මනුෂ්‍යත්වය හා පරිත්යාගශ්රීලිත්වය ගොඩනැගීමටත්, රාමසාන් උපවාස සමයෙන් ලැබෙන පන්නරය ඉවහල් වන බවත්, අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.
නව සඳ දිස්වෙයි; ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරයි
කියවීමට මිනිත්තු 1