fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා අහසේ වායුගෝලීය කැළඹීම් අධ්‍යයනයට විශේෂඥ කණ්ඩායම්

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 09:33

ශ‍්‍රී ලංකා අහසේ වායුගෝලීය කැළඹීම් අධ්‍යයනයට විශේෂඥ කණ්ඩායම්

ශ‍්‍රී ලංකා අහසේ වායුගෝලීය කැළඹීම් හා විපර්‍යාස අධ්‍යයනය වැඩපිළිවෙළක් ආරම්භ වුණා. ඒ සදහා එක්වන්නේ ඇමරිකා ගුවන් හමුදාවට අයත් හරිකේන් හන්ටර්ස් බලඇණි නියමුවන් හා කාලගුණ විපර්යාස පිලිබද විද්‍යාඥයන් පිරිසක්. දින 10 ක කාලයක් අධ්‍යයන කටයුතු සිදුවන බවයි ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. ඇමරිකා නොටර්ඩෑම් විශ්ව විද්‍යාලය ශ‍්‍රී ලංකා මහාචාර්ය හරින්ද්‍ර ප‍්‍රනාන්දු මහතා ව්‍යාපෘතියේ තාක්ෂණික අංශය මෙභෙයවනවා. සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ නාරා ආයතනයයි. ගුවනේ කෙරෙන අධ්‍යයනයන් සදහා ගුවන් ආරක්ෂාව සදහා මඟපෙන්වීම සිදුකරන්නේ ශ‍්‍රීලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච් එම් සී නිමල් සිරි මහතා. කරුණු ගණනාවක් පිලිබදව තොරතුරු අධ්‍යයනයට ඉන් හැකියාව ලැබෙන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්