ගම්පෙරලිය ජාතික වැඩසටහන තවත් සති දෙකකින් ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළා. ග්‍රාමීය ප්‍රදේශවල දැවැන්ත සංවර්ධනයක් ඇතිකිරීමයි අරමුණ. සෑම ග්‍රාමසේවා වසමකටම රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ජනතාවට යහපත් ජිවන ක්‍රමයක් උදාකරදීම අරමුණ බවයි ජනාධිපතිතුමා සදහන් කළේ. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ අදහස් පළකළේ පොලොන්නරුව ඕනෑගම මැදමළුව විහාරස්ථානයේ පැවති පුන්‍යෝත්සවයකට එක්වෙමින්. දරුවන්ට යහපත් රටක් ගොඩනැගීම සියලුදෙනාගේ පොදු වගකීමක්. ඒ සදහා පුජ්‍ය පක්ෂය , දේශපාලනඥයන් , රාජ්‍ය නිලධාරීන් ඇතුලු සමස්ත ජනතාව එක්විය යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/tdfBWMrF59Q”]