fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීම රාම්නාත් ප‍්‍රතික්ෂේප කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 19:00

ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීම රාම්නාත් ප‍්‍රතික්ෂේප කරයි

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතකයින් නිදහස් කිරීම එරට ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා. රජිව් ගාන්ධි මහතා එල්ටීටීඊ සංවිධානය මගින් ඝාතනයට ලක් වූයේ 1991 වසරේ මැයි 21 වනදායි. මෙම ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ හත් දෙනෙකු නිදහස් කරන ලෙස තමිල්නාඩු රජය මධ්‍යම රජයෙන් ඉල්ලා තිබුණා. දැනටමත් විසිවසරකට අධික කාලයක් සිර දඩුවම් විදින බැවින් ඔවුන්ට නිදහස ලබාදෙන ලෙසයි තමිල්නාඩු රජය ඉල්ලා තිබුණේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේද උපදෙස් ඇතිව මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ඉන්දීය ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 19:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්