fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීගමු මුහුදේ දියනෑමට ගිය සිසුන් දෙදෙනෙක් අතුරුදන්

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 17:46

මීගමු මුහුදේ දියනෑමට ගිය සිසුන් දෙදෙනෙක් අතුරුදන්

මීගමුව කොච්චිකඩේ පළගතුරේ  ප්‍රදේශයෙන් මුහුදේ  දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනා සොයා  පොලීසිය හා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කළා.   කොච්චිකඩේ ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන  සිසුන් 05 දෙනෙකු කොච්චිකඩේ පළගතුරේ ප්‍රදේශයේ මුහුදේ දියනෑමට ගොස් තිබෙනවා.  ඔවුන් අතරින් 04 දෙනෙකු දිය නෑම සදහා මුහුදට බැස තිබෙනවා. මුහුදේ පැවති රළු ස්වභාවය සමඟ  දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වුණා.

අනතුරට ලක් වූ අනෙක් සිසුන් දෙදෙනා ප්‍රතිකාර සදහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරට ලක් වූ සිසුන් බේරා ගැනීම සදහා මෙහෙයුම් වල නිතරවූ ධීවරයන් දෙදෙනෙකු ද මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් අනතුරට ලක් වූණා.  ඔවුන් ද බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත් වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 17:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්