උසස් බුද්ධියක් ඇති රොබෝමය යුධ සුනඛයා ලොවපුරා යන්න සූදානම්
Related Articles
මේ තරුණයා සහ ඔහුගේ බල්ලා ගැන දැන් ලොව පුරා සිනමාලෝලීන් උන්මාදයයෙන් කතාකරන්නට පටන් අරන්. මේ ඔබ වෙනත් චිත්‍රපට වල දකින බල්ලෙක් නොවෙයි. මේ රොබෝ සුනඛයෙක්.
“A.X.L.” යනු 2018 වසරේ ත්‍රාසජනක චිත්‍රපටයයි. Miles (2015) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සහ Cohen on the Bridge: Rescue at Entebbe (2012) චිත්‍රපටයේ පිටපත රචනය හා පරිගනක සජීවීකරණය කළ ඕලිවර් ඩාලි අතින් ලියැවුණු මෙය ඔහුගේම අධ්‍යක්ෂණයක්. යතුරුපැදියෙන් ගොස් වික්‍රමාන්විත ක්‍රියා කරන මෙහි කතා නායකයා යොවුන් වියේ පසුවන ගවේෂකයෙක්. A.X.L. කියන්නේ ඊලග පරම්පරාවේ දියුණු තාක්ෂණයෙන් සපිරි කෘත්‍රිම දියුණු උසස් බුද්ධියක් ඇති රොබෝමය යුධ සුනඛයෙක්. හමුදා විද්යාඥයින්ගේ නිර්මානයක් වන “A.X.L.” අහම්බෙන් හමුවූ තම ස්වාමියාට (තරුණයාට) සමීපවනවා.
A.X.L. ව යළි අල්ලා ගනු ලැබුවද මේ තරුණයා තමා වෙත පැමණි හොඳම මිතුරාව ආරක්ෂා කර ගැනීම සඳහා තම පෙම්වතිය සමඟ එක්ව මෙහෙයුමක් ආරම්භ කරනවා. A.X.L. බේරා ගන්නට ඔවුන්ට හැකිවේවිද?
අගෝස්තු 10 ඇමෙරිකාවෙන් රිදීතිරයට එන්නට නියමිත A.X.L.හි පූර්ව දර්ශනය පහතින්..