අපරාධ වල පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපරාධ සිද්ධීන් වාර්තා වීම , ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ දඩුවම් ලබාදිම වැඩිවි ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නෙ. වසරේ මේ දක්වා කාලයේ දි සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබදව ද ඔහු කරුණු පැහැදිලි කළා.