ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබද යළි අවධානයෙන් සිටින්නැයි පොලිසිය මහජනතාවට දැනුම් දුන්නා. ඒ ව්‍යාජ නෝට්ටු සංසරණය වන බවට ඇතැම් ප්‍රදේශ වලින් පැමිණිලි ලැබීමත් සමඟයි. වීරකැටිය – වෑකඳවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් වැටලීමට පොලිසිය සමත්වුණා. රුපියල් පන් දහසේ , දහසේ සහ රුපියල් සියයේ ව්‍යාජ නෝට්ටු සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.