හදිසි අනතුරකින් මිය ගිය සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය වෙනුවෙන් රු. ලක්ෂ 20ක්
Related Articles
නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගිවී සිටියදී හදිසි අනතුරකින් මියගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක් ප්‍රදානය කෙරුණා.
ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ මෙම මුදල් පිරිනැමීම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා. මියගිය විදුහල්පතිනි රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය වෙනුවෙන් ඒ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන තිලකරත්න අබේසිංහ මහතා එම මුදල ලබාගත්තා. 2016 රජයේ අයවැය යෝජනා අනුව අග්‍රහාර රක්ෂණය යටතේ රජයේ සේවකයින් සදහා රන් සහ රිදී යනුවෙන් නව රක්ෂණ ක්‍රම දෙකක් හදුන්වා දී තිබුණා. අතපත්තු මහත්මිය රන් රක්ෂණ යෝජනා ක්‍රමයට ඇතුළත්ව සිටියා.