“පෙන් පින්ටර්” නම ඇසූ පමණින් ටිකක් විතර නුහුරුයි.නොබෙල් ත්‍යාගලාභී බ්‍රිතාන්‍ය නාට්‍ය රචකයෙකු වන හැරල්ඩ් පින්ටර් නමින් නම් කර ඇති මේ සම්මානය පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල සාහිත්‍යකරුවන් උදෙසා පිරිනැමෙනවා.
මේ වසරේ “පෙන් පින්ටර්” සම්මානය නයිජීරියානු ලේඛිකා “චිමාමන්ඩා න්ගොසි අඩිචි” වෙත ලබා දීමට තීරණය වී තිබෙනවා.
1977 වසරේ සැප්තැම්බර් 15වනදා නයිජීරියාවේ එනුගු හිදී උපත ලැබූ ඇය නවකතා, කෙටිකතා සහ ප්‍රබන්ධ කතා රචිකාවියක වනවා. “ස්ත්‍රි – පුරුෂ සමාජභාවය, වාර්ගික හා ගෝලීය විෂමතාවය” යන කරුණු සම්බන්ධයෙන් ඇයගේ ක්‍රියාකාරී දායකත්වය ජූරි සභාවේ පැසසුමට ලක්ව තිබෙනවා.
සම්මාන උළෙල ලබන ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිතයි.