fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ෆ්ලුවෙන්සා ගැන ගුරුවරුන්ට උපදෙස් මාලාවක්.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 10:11

ඉන්ෆ්ලුවෙන්සා ගැන ගුරුවරුන්ට උපදෙස් මාලාවක්.

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබදව පාසල් දරුවන් දැනුවත් කිරිම සදහා ගුරුවරුන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මගින්. ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවෙකු පාසලේ දි හඳුනාගතහොත් කටයුතු කළයුතු ආකාරය පිළිබඳ උපදෙස් ඊට ඇතුලත්. පැය 24 පුරා කි‍්‍රයාත්මක සුවසැරිය ක්ෂණික දුරකථන සේවාව ඇමතීමෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය සහ ප‍්‍රතිකාර පිළිබදව නොමිලේ විස්තර ලබා ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ. 0710 -107107 ඔස්සේ  වෛද්‍යවරුන් සහ විශේෂඥවරුන් ඍජුවම සම්බන්ධ කරගැනිමේ අවස්ථාව හිමිවනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්