fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් තොටුපලට රහසේ ආ අමුතු කටුස්සන්

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 10:07

ගුවන් තොටුපලට රහසේ ආ අමුතු කටුස්සන්

කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සත්ව විශේෂ පිළිබදව රේගු විමර්ශන ආරම්භ කර තිබෙනවා. ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන සේවාව ඔස්සේ ඔස්ටේ‍්‍රලියාවේ සිට නීතිවිරෝධීව ඒවා මෙරටට එවා ඇති බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයන්ත මහතා ප‍්‍රකාශ කළේ. ඒ භාවිත කළ පරිගණකයක් ලෙස හඳුන්වමින්.  කළුතර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුට පාර්සලය එවා ඇති බවයි ඔහු ප‍්‍රකාශ කළේ. එම පුද්ගලයා නොපැමිණීම හේතුවෙන් ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන ආයතනයේ නිලධාරින් ඉදිරිපිටදී පාර්සලය විවෘත කර පරික්ෂා කර තිබෙනවා. පරිගණකය තුල කුඩා රෙදි මළු පහක කටුස්සන් වැනි සතුන් 32නෙක් එවා තිබූ බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ. මෙම සිද්ධිය මෙරට වනජීවි සහ වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය කිරිමක් බවද ඔහු පෙන්වා දෙනවා. සිද්ධිය පිළිබද පරීක්ෂණ සිදුවන්නේ දෙහිවල සත්වෝද්‍යානයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නිරෝධායන අංශයේ නිලධාරින් ද සම්බන්ධ කර ගනිමින්. මෙම සතුන් යළිත් ඔස්ටේ‍්‍රලියාවට යැවීමට කටයුතු කරන බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්