ඉන්දුනීසියාවේ සිදුවූ බෝට්ටු අනතුරු දෙකකින් පුද්ගලයින් පහළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුලවසි දූපත සහ දකුණු සුමාත්‍රා දූපත ආසන්නයේ බෝට්ටු අනතුරු සිදුවුණා.
සුලවසි දූපතේ මකාස්සර් ප්‍රදේශයේ දී අනතුරට ලක්වුණේ පුද්ගලයින් 43 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටුවකුයි. එම අනතුරෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දකුණු සුමාත්‍රා දූපත ආසන්නයේ දී සිදුවූ බෝට්ටු අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි තිස් දෙනෙකු පමණ සිටි බව සඳහන්. බෝට්ටු අනතුරුවලින් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් සෙවීමේ මෙහෙයුම් සිදු කෙරෙන අතර බේරා ගත් පුද්ගලයින් රෝහල් ගතකර තිබෙනවා.