රටවල් අතර යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ප්‍රවර්ධනය උදෙසා රටවල් අතර සමීප සබඳතා වැඩිදියුණු කිරීම මූලික කොටගෙන 9 වන ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුව ජුනි 07 සහ 08 යන දිනයන් හිදී චීනයේදී පැවති අතර ඒ සඳහා ලංකාව නියෝජනය කරමින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය. සමුළුවට සමගාමීව විශේෂ සම්මන්ත්රණ 14 ක් සහ ව්‍යාපාර හමු 160 ක් ද සංවිධානය විය. චීනයේ වාණිජ අමාත්‍යාංශය මෙම සමුළුව සංවිධානය කළේ ය.
මෙහිදි චීන වාණිජ සංගමය සහ ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය අතර ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීම ද සිදුවිය.ආයෝජන මණ්ඩල සභාපති රංජිත් ගුණතිලක මහතා ලංකාව වෙනුවෙන් අත්සන් තැබීය.
මෙම අවස්ථාවට යුක්රේනයේ යටිතල පහසුකම් අමාත්‍ය වී. ඔමෙල්යාන් මහතා, සැම්බියාවේ නිවාස අමාත්‍ය රොනල්ඞ් ක ඕමා මහතා, චීනයේ ජාත්‍යන්තර කොන්ත්‍රාත් සමාගමේ සභාපති ෆැන්ග් ක්විචෙන් මහතා, මැකාවෝ රාජ්‍යයේ වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන ආයතනයේ සභාපති ජැක්සන් චැංග් මහතා සහ ඇමරිකා වාණිජ අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂ ෂා ඕ යින්ජුන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
විවිධ රටවල් 66 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, වෘත්තීයවේදීන්, විද්වතුන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර 2019 වසරේදී 10 වෙනි සමුළුව මැකා ඕ රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.