fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් සභා පනතට එරෙහිව සරත් එන් සිල්වා ගොනු කළ පෙත්සම ඉවතට

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 11:53

පළාත් සභා පනතට එරෙහිව සරත් එන් සිල්වා ගොනු කළ පෙත්සම ඉවතට

පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පත සම්මත කර ගත් ආකාරය අභියෝගයට ලක්කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීරණය මත පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බවයි. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ගොණු කර ඇති මූලික විරෝධතා පිළිබඳ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ප්‍රකාශයට පත්කළා. හිටපු අගවිනිසුරුවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් කරුණු වසන් කර ඇති බවට නීතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කර තිබුණා. මෙම පනත් කෙටුම්පතට පසුගිය වසරේ සැප්තැම්බර් 22 වනදා කතානායකවරයා අත්සන් කර තිබුණා. එම සහතික කිරීම පෙත්සමෙන් ඉදිරිපත් කර නැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. පාර්ලිමේන්තු කටයුතු මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක්කළ නොහැකි බවට ද නීතිපතිවරයා තර්ක කළා. පාර්ලිමේන්තු කටයුතුවලට, අධිකරණයට මැදිහත්විය නොමැකි බවට සරත් එන් සිල්වා මහතා 2003 වසරේ දී අගවිනිසුරුවරයා ලෙස සිටිය දී තීන්දුවක් ලබා දී ඇති බව මැදිහත්කාර පෙත්සම්කරුවෙකු ලෙස කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්දිරන් මහතා පවසා තිබුණා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්