fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හම්බන්තොට “සඳමුතුගම” උදාගම්මානය ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 10:32

හම්බන්තොට “සඳමුතුගම” උදාගම්මානය ජනතා අයිතියට

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 79වන උදා ගම්මානය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිරිබෝපුර “සඳමුතුගම” අද (14) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.

මෙහි මුළු නිවාස ගණන 71කි. නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

“සඳමුතුගම” ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 5කි. සෑම නිවසකටම පර්චස් 10බැගින් ලබාදී තිබේ. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය. ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුදල් රුපියල් ලක්ෂ 435කි.

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 10:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්