fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එකම පවුලේ තිදෙනෙකු බිළිගත් පස්සර ගින්න

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 09:40

එකම පවුලේ තිදෙනෙකු බිළිගත් පස්සර ගින්න

පස්සර ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලක් ගිනි ගැනීමෙන් එකම පවුලේ කාන්තාවන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේ වෙළඳසැල ගිනිගෙන ඇති බවයි.

ගින්නෙන් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. එහි සිටි කාන්තාවන් තුන් දෙනෙකුයි මෙසේ මියගොස් ඇත්තේ. ගින්නෙන් මියගොස් ඇත්තේ අදාළ වෙළඳ සැලේ හිමිකරුගේ මව, නැගණිය සහ පුංචි අම්මා බවයි පොලීසිය සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් හෙලිවී නැහැ. පස්සර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්