හදුනානොගත් නිදන්ගත වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පුලිච්චාකුලම ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්රාගාරය ඊයේ (13)පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.
අමාත්‍ය රාවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක සමග පළාතේ දේශපාලන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
ජනපති තලවිල ශාන්තා ආනා දේවස්ථානයේ ආගමික වතාවත් සදහා එක්වෙයි
ඊයේ තලවිල ප්‍රදේශයට ගිය ජනාධිපතිතුමා තලවිල ශාන්තා ආනා දේවස්ථානයේ පැවති ආගමික වතාවත් සඳහා ද එක්විය.
මෙම දේවස්ථානයට වසර 250ක් පිරීම නිමිත්තෙන් පළ කරන ලද සමරු ග්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
දෙව්සිත වැරන්ස් මෙන්ඩිස් රදගුරුතුමා ප්රමුඛ හලාවත පදවියේ රදගුරු හිමිපාණන් ඇතුළු පියතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටියහ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/04-1-1.jpg”]