දකුණේ වෛරසය පාලනය වෙයි
Related Articles
දකුණේ පැතිර යන වෛරසය මැඩ පැවැත්වීමට රජය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම නිසා මේ වන විට එම තත්ත්වය පාලනය වී තිබෙනවා. මේ හේතුවෙන් තම දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කර ගෙන යාමට හැකිව තිබෙන බව ජනතාව පවසනවා.
මේ අතර ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍ය විද්‍යා සංගමය මගින් ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධාන කර තිබුණා. මෙහිදී රෝගය හඳුනා ගන්නා අයුරු, ඊට ප්‍රතිකාර කරන අයුරු සහ රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරුණා. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.