fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඥාතීන් තනතුරු සඳහා පත් කිරීම නිසා ශ්‍රී ලංකා ගුවන් සේවය පාඩු ලැබුවා – කැප්ටන් රුවන් විතානගේ

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 19:50

ඥාතීන් තනතුරු සඳහා පත් කිරීම නිසා ශ්‍රී ලංකා ගුවන් සේවය පාඩු ලැබුවා – කැප්ටන් රුවන් විතානගේ

ශ්‍රී ලංකන් ගුවන් සේවය, මිහින් ලංකා සහ ශ්‍රී ලංකා කේටරින් ආයතනවල සිදු වී ඇති බව කියන දූෂණ සහ අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය අද දිනයේ ද පැවැත්වුණා. කොමිසම අද රැස්වුණේ 5 වන දිනටයි. එහිදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් බදු සහන ලබා දීමට කටයුතු කර තිබිය දී මිහින් ලංකා ආයතනය බදු සහන ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති බවයි. එසේ ප්‍රතිකේෂ්ප කර තිබියදීත් ආයෝජන මණ්ඩලය මගින් බදු සහන කොන්දේසි උල්ලංඝනය කරමින් මිහින් ලංකා ආයතනයට බදු සහන ලබාදී තිබීම ජනාධිපති කොමිසමේ විමර්ශනයට හේතු වුණා. එය එසේ සිදුවූයේ කිසිවෙකුගේ හෝ බලපෑමකට දැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිලක මහතාගෙන් ජනාධිපති කොමිසම ප්‍රශ්න කර සිටියා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංගමයේ සභාපති කැප්ටන් රුවන් විතානගේ මහතාගෙන් කළ සාක්ෂි විමසීමේ දී ඔහු කියා සිටියේ පසුගිය රාජ්‍ය සමයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතීන් ශ්‍රී ලංකා ගුවන් සේවයේ තනතුරු සඳහා පත් කිරීම හේතුවෙන් ආයතනය පාඩු ලැබූ බවයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කටයුතු කළ සුරේන් රත්වත්තේ, අජිත් ඩයස්, කපිල චන්ද්‍රසේන, නිශාන්ත වික්‍රමසිංහ යන අය ආයතනයේ දියුණුවට බාධාවක් වූ බවද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙනවා. එමෙන්ම වර්ථමාන සභාපතිවරයා වන රසික වික්‍රමනායක මහතා යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉදිරි දර්ශනයක් යටතේ ක්‍රියාකරමින් සිටින බවද රුවන් විතානගේ මහතා ප්‍රකාශ කර තිබෙනවා. තවදුරටත් කොමිසමේ සාක්ෂි විමසීම හෙට දිනයට කල් තැබුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 19:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්