වෛද්‍යවරුන් රජයට සේවය කිරීම වෙනුවෙන් සියයට 24ක බද්දක් ගෙවිය යුතු බවට සිදු කෙරෙන ප්‍රකාශ අසත්‍ය බව රජය අවධාරණය කරනවා. මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ඔවුන් යටත් වනුයේ උපරිමය සියයට 12ක් ගෙවීමේ බද්දට පමණක් බවයි. වෛද්‍යවරයෙකුගේ මුල් පත්වීමේ මාසික වැටුප සියලු දීමනා සහිතව රුපියල් එක්ලක්ෂ හැට හතර දහස් අටසිය හැත්තෑ හයක් පමණ වනවා. ඉන් පළමු රුපියල් ලක්ෂයට බදු ගෙවීමට අවශ්‍ය වන්නේ නැහැ. දෙවන රුපියල් පනස් දහසට සියයට හතර බැගින් රුපියල් දෙදහසක් ද,ඉතිරි ප්‍රමාණයට සියයට අට බැගින් එක්දහස් නවසිය අනූවයි ශත අටක් ද පමණක් ගෙවිය යුතු වනවා. මේ අනුව උපාධිධාරී වෛද්‍යවරයෙකු ඔහුගේ මුල් පත්වීම් මාසයේ දී ගෙවිය යුතු බද්ද රුපියල් තුන්දහස් එකසිය අනූවයි ශත අටක් පමණක් බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙනවා. ඔවුන් සියයට 24 ක බද්දට යටත් වනුයේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන විට පමණයි. පෞද්ගලික ආදායම් ලබන ඕනෑම කෙනෙකු ඔවුන්ගේ ආදායම් තත්ත්වය අනුව මෙසේ බද්දකට යටත් වීම සාමාන්‍ය සම්ප්රදාය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අද (13) පැහැදිළි කළා. මේ සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ වෛද්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකට තමන් ද එක්වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
අමාත්‍ය රාජිත සේනාරත්න
[ot-video type=”youtube” url=”https://youtu.be/DGVGsbXVgTA”]
මේ අතර වෛද්‍යවරුන්ට ද වසර 5න් පහට අලුත් වාහන ගැනීම සඳහා තීරුබදු රහිත වාහන බලපත්‍ර හිමිවනවා. ඒ අනුව වසර 5කට වරක් රුපියල් ලක්ෂ 36ක තීරු බදු සහන ලැබෙනවා. ඒ අනුව වසර 30ක සේවා කාලයක් තුළ රුපියල් ලක්ෂ 36ක තීරු බදු සහන 6ක් හිමිවනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 216ක් බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙනවා.