මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ ප්‍රබල ගෝලයින් තුන්දෙනෙකු කඩුගන්නාවේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාකඳුරේ මධුෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම හා කප්පම් ගැනීම් සිදු කළ ප්‍රබලයින් තුන්දෙනෙකු ලෙසයි අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් තුන්දෙනා සැලකෙන්නේ. මහනුවර පොලීසියේ විශේෂ කණ්ඩායමක් මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටියදී බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.
මෙම සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂයකට අධික මුදලක් ද සොයාගෙන තිබෙනවා. උඩතෝරදෙණිය වෙලම්බඩ පදිංචි 33 හැවිරිදි රණවක ආරච්චිගේ රොහාන් සම්පත් රණවක පෙරේරා,ගාමිණීපුර මීගොඩ පදිංචි 35 හැවිරිදි මුණසිංහ ආරච්චිගේ හර්ෂ අනුර දේශප්‍රිය, පනාපිටිය වස්කඩුව පදිංචි 25 හැවිරිදි මුණසිංහ ආරච්චිගේ හර්ෂ ප්‍රදීප් කුමාර ලෙස මෙම සැකකරුවන් හඳුනාගෙන තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයකට අනුව සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදීමට මහනුවර පොලීසිය කටයුතු කර තිබෙනවා.