හසීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 100ක් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත්තා. එම තොගයේ වෙළෙඳ පොළ වටිනාකම රුපියල් ලක්ෂ 25 ඉක්මවනවා.
හසීෂ් මත්ද්‍රව්‍ය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගැණුනේ වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ දීයි. එහිදී සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැණුනා. මොරොක්කෝ රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඇති බව හෙළි වී තිබෙනවා. සැකකරු දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවද පොලිසිය පවසනවා.