කැරළිකරුවන්ගේ පාලනයේ පවතින යේමනයේ හුඩායිදා වරායට සෞදි හමුදා ප්‍රහාර එල්ල කර තිබෙනවා.කැරළිකරුවන්ගේ පාලනයේ පවතින ප්‍රදේශවල ජනතාවට ආධාර කිරීම සඳහා පිවිසිය යුතු ප්‍රධාන ස්ථානය වන්නේ මෙම වරායයි.
එම වරාය ප්‍රහාරවලට ලක් වුවහොත් අදාල ප්‍රදේශවල සිදු කෙරෙන මානුෂීය මෙහෙයුම්වලට බාධා එල්ල වනවා. යුද්ධය හේතුවෙන් යේමනය තුළ මිලියන 8කට ආසන්න පිරිසක් සාගින්නට ලක්වීමේ අවධානමක් මතුව තිබෙනවා. කැරළිකරුවන්ට ඉවත් වීමට යේමන රජය ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා අවස්ථාව ලබා දී තිබුණා. එහෙත් කැරළිකරුවන් මෙය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.