අසල්වැසි රාජ්‍යයේ නම සම්බන්ධයෙන් පැවති ආරවුල විසදා ගැනීමේ ගිවිසුමකට ග්‍රීසිය එළඹෙයි
Related Articles
සිය උතුරු දිග අසල්වැසි රාජ්‍යයේ නම සම්බන්ධයෙන් පැවති ආරවුල විසදා ගැනීමේ ගිවිසුමකට ග්‍රීසිය එළඹෙයි. ඒ අනුව නව නාමය වන්නේ උතුරු මැසිඩෝනියා ජනරජය යන්නයි.
ග්‍රීසියට උතුරු දිගින් පිහිටි අසල්වැසි රාජ්‍ය මැසිඩෝනියාව ලෙස නම් කිරීමට එරට ආණ්ඩුව කලින් යෝජනා කර තිබුණා. පැරණි යුගෝස්ලෝවියාව බිද වැටීමෙන් පසු එම රාජ්‍යය මැසිඩෝනියාව ලෙස නම් කර ගැනීමටයි එම ආණ්ඩුව කටයුතු කළේ. එහෙත් ග්‍රීසිය එය මැසිඩෝනියාව ලෙස නම් කිරීමට දැඩි ලෙස විරෝධය පෑවා. ඊට හේතුව වූයේ තමන්ගේ උතුරු ප්‍රදේශවල භෞමික අඛණ්ඩතාවට ගැටලුවක් වේ යැයි ග්‍රීසිය විශ්වාස කිරීමයි. වසර 27 කට වැඩි කාලයක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. කෙසේ වෙතත් අලුත් ගිවිසුමට අනුව මැසිඩෝනියානු ජනතාවගේ සහ ග්‍රීක පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව නව නාමය භාවිත කිරීමට හැකි වනවා. මැසිඩෝනියාවේ දේශසීමාව සම්බන්ධ ගැටලුව ක්‍රිස්තු පූර්ව හතරවන සියවස දක්වා ඇදී යන අතර ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ පියා වන දෙවන පිලිප් රජු ග්‍රීසිය අල්ලා ගැනීමත් සමග මෙම අර්බුදය ආරම්භ වුණා.